ඉන්දික ශ්‍රී අරවින්ද
කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කිරීම ක්‍රොන්ක්‍රිට් යෙදු සිමෙන්ති වලක සිදුකල හැකි බවට යෝජනාවක් මීළඟ කොවිඩ් තාක්ෂණික කමිටුවට වෙත ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් වෙයි.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ භූගත ජල මට්ටම ගැඹුරු ඇති ප්‍රදේශයක භූමදානය කරන්නේ නම් එම දේහයන් තැන්පත් කරන වලවල් සම්පුර්ණයෙන්ම ක්‍රොන්ක්‍රිට් යෙදු සිමෙන්ති ආවරණය මේ සඳහා උචිත බවයි.
මෙම වෛරසය වැඩි කාලයක් මෘත දේහයන් තුළ නොපවතින බැවින් එය ඉදිරියේදී එතරම් ගැටළුකාරී තත්වයක් නොවන බව වෛද්‍ය හේරත් මහතා පවසයි. පසුගිය දා පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේ ජලය එකතු නොවන ලෙස ක්‍රමවේදයක් මෙම මුස්ලිම් ජාතික මළ සිරුරු භූමදානය සඳහා සකස් කළ යුතු බවයි.
එබැවින් වඩාත් සාර්ථකම ක්‍රමවේදය මෙය වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසිය. කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.