මේ දක්වා කාලය තුළ මෙරට සිදුකළ පීසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 1,011,919ක් වෙමින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබේ.
ඊයේ දිනය තුළ මෙතෙක් සිදුකළ වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ලෙස 17,425ක් සිදුකර තිබේ.
දිවයින පුරා පිහිටි රෝහල්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණාගාර 28ක මේ වන විට පීසිආර් පරීක්ෂණ සිදු කරනු ලබන අතර ඉන් වැඩිම පිසිආර් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙනි.
එම සංඛ්‍යාව 133,188කි. ඊට අමතරව කරාපිටිය රෝහලෙන් පීසීආර් පරීක්ෂණ 69,425ක් සිදුකර ඇත.