මුස්ලිම් මරණ ආදාහනයට එරෙහිව එක්සත් රාජධානියේ විරෝධතාවයක්

මුස්ලිම් කොරෝනා මරණ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

විශාල පිරිසක් මහ කොමසාරිස් කාර්යාලයෙන් පිටත රැස්වී පුවරු සහ පෝස්ටර් ප්‍රදර්ශණය කරමින් මෙලෙස සිට විරෝධතාවය දැක්විය. එයට පසුගියදා මිය ගිය සිගිතියගේ ජායාරූපයක්ද ප්‍රදර්ශනය කර තිබිණි.

දකුණු ආසියාවේ රාජ්‍ය අමාත්‍ය සහ මානව හිමිකම් පිළිබඳ වගකිවයුතු අමාත්‍ය විම්බල්ඩන් (තාරික්) අහමඩ් සාමිවරයා මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ද නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රජයට මෙලෙස ආදාහනය කිරීම පිළිබඳව කනස්සල්ල පළ කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සියලු ආගමික කණ්ඩායම්වලට ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදිය හැකි බව සහතික කිරීම සඳහා සුසාන භූමිය ආරක්ෂිත ආකෘතියකින් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවට මාර්ගෝපදේශ ලබා දී ඇති බව මොවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.