ඉරාන මාධ්‍යවේදීයකු එල්ලා මරයි

ඉරාන මාධ්‍යවේදීයකු වූ රුහල්ලා සෑම් ඊයේ ටෙහෙරානයේදී එල්ලා මරාදමනු ලැබීය.

ඔහු මෙලෙස මරණ දඬුවමට ලක්කරනු ලැබූවේ පසුගිය ජූනි මාසයේ ලබාදුන් නඩු තීන්දුවකට අනුවයි.

රුහල්ලා සෑම්, 2017 – 2018 වසර වල ක්‍රියාත්මක වූ මාරාන්තික විරෝධතා උසිගැන්වූ විකල්ප ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙහෙය වූ බවට චෝදනා එල්ල වූ අයෙකි.ඔහු ප්‍රංශයට පලාගොස්   සිටි අතර 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහු එරටනි පිටුවහල් කෙරිණි.

ෙඅනතුරුව ඔහු ඉරාන ආරක්ෂක අංශ භාරයට පත්විය.‍රුහල්ලා සෑම්ට මරණ දඬුවම ලබාදීම දේශසීමා රහිත මාධ්‍යවේදියො සංවිධානාය දැඩිව හෙලාදැක තිබේ.

එමෙන්ම යුරෝපා සංගමය අවධාරණය කරන්නේ මෙවැනි ඝාතන යලි සිදු නොවීමට ඉරාන පරිපාලනය වගබලාගත යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.