දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මේ වන විට පවතින තත්ත්වය මත කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසිය.
අද 12 සිට 22 දක්වා දින10ක් ඇති බවත් දිනයක් දෙකක් ඇතුළත කුමන ආකාරයකින් කොවිඩ්වල හමුවන සංඛ්‍යාවන් වෙනස් වන බවත් කොළඹ නගරසභා සීමාව යම් ආකාරයක පාලනයකට නතුවී තිබෙන බව ද ඔහු සදහන් කළේය.
කෙසේවෙතත් දැනට තිබෙන තත්ත්වය අනුව කිසිසේත් මේ ආකාරයෙන් හුදකලා කිරීමකට හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති නමුත් උත්සව සමය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස මහජනතාවට උපදෙස් දී ඇති බව ද ඔහු පැවසීය.
සෞඛ්‍ය අධ්යක්ෂ අසේල ගුණවර්ධන මහතා මේ සතියේ කරුණු 10 කින් යුත් මාර්ගෝපදේශයක් නිකුත් කළ අතර උත්සව සමයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඒවා අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මේ සතියේ පවසා තිබුණේ නත්තල් දිනට පෙර වෛරස් තත්ත්වය සමාලෝචනය කරන බවත්, හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් සිදුවුවහොත් සීමාවන් පනවන බවත් ද ඔවුන් නිවේදනය කළේය.
මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල්ශවේන්ද්ර සිල්වා කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ කොවිඩ් කාර්ය සාධක බලකාය මේ වන විට වැඩි සීමාවන් පැනවීමට අදහස් නොකරන බවයි. කෙසේ වෙතත්, නත්තල් සමය දක්වා තත්ත්වය අධීක්ෂණය කර සමාලෝචනය කරන බවත්, මෙම කාල සීමාව තුළ කෝවිඩ් සිද්ධීන් ඉහළ යාමක් සිදුවුවහොත් සීමාවන් පනවනු ඇති බවත් ඔහු පැවසීය.
සංචාර සඳහා නුවරඑළියට නොපැමිණෙන්නැයි, දිස්ත්‍රික් ලේකම් එම්.ඩී.ආර් පුෂ්පකුමාර මහතා ඉල්ලීමක් කරයි. එම නිසා මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එළෙඹෙන උත්සව සමයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයට පැමිණීමෙන් වැලකි සිටින ලෙසට ඔහු දැනුම් දෙයි.