ශ්‍රී ලංකාව නැවත ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ලබන දෙසැම්බර් මස 26 වෙනි දින සිට ගුවන් තොටුපොළවල් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පිහිටි කටුනායක, මත්තල, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපළ වෙත වානිජමය ගුවන් යානා (Commercial Flights ) සහ ස්ථිර කාළ සටහනකින් තොරව ගමන් ගන්නා (Charter Flights ) ගුවන් යානා සදහා සිය මෙහෙයුම් කටයුතු කිරීමට අවසර හිමි වීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ද පසුව නිකුත් කිරීමට නියමිතය. යළි ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ශ්‍රී ලංකාව යළි විවෘත කිරීම පිළිබඳව ස්ථිර දින වකවානු ඉදිරි දින කීපය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.