දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 300ක්, කටාර් සිට පුද්ගලයින් 127ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 96ක් පැමිණ ඇති අතර 33 දෙනෙකු චීනයේ සහ ජර්මනියේ සිට දිවයිනට පැමිණිමට නියමිත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
එලෙස පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතය.