අද උදෑසන 6 ට අවසන් වු පැය 24 ක කාලයක් තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගින් 445 දෙනෙකු හඳුනාගෙන ඇති බව නිලධාරීන් සඳහන් කළේය.
175 දෙනෙක් කොළඹ 15 මට්ටක්කුලියෙන්, 49 කු දෙමටගොඩින් සහ 36 කු කොම්පඥ්ඥවිදියෙන් , වැල්ලවත්ත ප්‍රදේශයෙන් 32 මෙන්ම මරදාන ප්‍රදේශයෙන් 35 කු ලෙස මෙම රෝගින් වාර්තා වි ඇත.
අද පෙරවරු 6 ට අවසන් වන පැය 24 ක කාලය තුළ රට පුරා ආසාදිත පුද්ගලයින් 762 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඊයේ PCR පරීක්ෂණ 13,864 ක් දිවයින පුරා සිදු කරන ලදී.
නත්තල් සමය දක්වා තත්ත්වය අධීක්ෂණය කර සමාලෝචනය කරන බව සඳහන් කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මෙම කාල සීමාව තුළ කෝවිඩ් සිද්ධීන් ඉහළ යාමක් සිදුවුවහොත් සීමාවන් පනවනු ඇති බවයි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසුවේ ක්‍රිස්තියානි ජනගහනයක් බහුතරයක් වන වත්තල මිගමුව කොළඹ වැනි ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.