කොළඹ මහල් නිවාස කිහිපයක් සඳහා පනවා ඇති හුදකලා තත්ත්වය ඉවත් කර ඇත.
මට්ටක්කුලිය රන්දිය උයන මෝදර මෙත්සඳ සෙවණ ්මෝදර මිහිජය සෙවණ ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන ග්‍රෑන්ඩ්පාස් සමගිපුර දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ සඳහා පැනුවු හුදකලා තත්ත්වය ඉවත් කර ඇති බව ආණ්ඩුකාරවරයා පැවසීය.
වර්තමාන තත්වය සමාලෝචනය කිරීමෙන් පසු කොළඹ නිවාස සංකීර්ණ කිහිපයකට පැනවූ හුදකලාව ඉවත් කිරීමට බලධාරීන් සලකා බලන බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළේය.
ඔක්තෝම්බර් මාසයේදී මිනුවන්ගොඩාවේ දෙවන කොවිඩ් රැල්ලේ ප්‍රතිපලයක් ලෙස ලෙස කොළඹ-උතුරු හා මධ්‍යම ප්‍රදේශවල නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොළඹ හුදකලා වූ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සඳහා කඩින්මව ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.