ඉන්දික ශ්‍රී අරවින්ද
Covid – 19 වෛරසය මර්දනය කිරීමට මෙරටින් සොයාගත් නව ඖෂද වර්ග 3ක් සායනික පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාව වෙත භාරදී තිබේ.
එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ එම සායනික පරිෂණ අවසන් වනතුරු එම ඖෂද වර්ග භාවිතා කිරීමෙන් වැලකි සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් මර්දනය සඳහා දැනට හඳුනාගෙන ඇති මෙම නව ඖෂද වර්ග කෑගල්ලේ ධම්මික බණ්ඩාර,ආචාර්ය හර්ෂ සුබසිංහ,කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී නෙරංගා අබේසිංහ යන මහත්ම මහත්මීන් විසින් හඳුන්වා දී ඇත.
මේ වන විට ජාතික පර්යේෂණ සභාව විසින් එම ඖෂද වර්ග සායනික පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර එහි ඇගයීම් වාර්තාව කඩිනමින් රජය වෙත ලබා දීමට සැලසුම් කර ඇතැයි මහාචාර්ය දොඩම්පහළ මහතා පවසයි.
මෙම ඖෂද වර්ග සියල්ලම රජයේ අධ්‍යාපන ආයතන හරහා ජාතික පර්යේෂණ සභාව වෙත ලබා දී ඇති අතර එම ඖෂද වර්ගයන්හි පරීක්ෂණ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන එම සභාව විසින් ලබා දෙයි.
ඒ අනුව අදාල ඖෂදයන්හි සායනික පරීක්ෂණ වාර්තා නිකුත් වනතුරු කිසිදු ඖෂද වර්ගයක් භාවිතා නොකර නිරෝධායන නීතියට අනුව දුරස්ථ භාවයෙන් යුතුව ජනතාවට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා වැඩිදුරටත් පවසයි.


