නත්තල් දිනට පෙර කොවිඩ් වැඩිවුනහොත් සීමාවන් පනවනවා

වෛශ්නවි වෙල්රා්ජ් 

නත්තල් දිනට පෙර කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව  සමාලෝචනය කරන බවත් එහිදි තහවුරු කරගත් රෝගීන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් සිදුවුවහොත් ඒ සඳහා සීමාවන් පිනවනු ඇති බව COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා Colombo gazette වෙත  පැවසුවේ මේ වන විටත් කොවිඩ් කාර්ය සාධක බලකාය වැඩි සීමාවන් පැනවීමට අදහස් නොකරන බවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා මේ සතියේ කරුණු 10 කින් යුත් මාර්ගෝපදේශයක් නිකුත් කළ අතර උත්සව සමයේ කිරීටක වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඒවා අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යුද හමුදාපතිවරයා කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අමතරව සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක්  කොවිඩ් කාර්ය සාධක බලකායට අවහ්‍ය නොවන  බවයි.

නත්තල් සමය දක්වා තත්ත්වය අධීක්‍ෂණය කර සමාලෝචනය කරන බව සඳහන් කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මෙම කාල සීමාව තුළ කෝවිඩ් සිද්ධීන් ඉහළ යාමක් සිදුවුවහොත් සීමාවන් පනවනු ඇති බවයි.

දෙසැම්බර් 23 වන විට කොරොන වයිරස් රෝගීන්ගේ වැඩිවීමක් හෝ නව පොකුරු හඳුනා ගැනීමක් සිදුවුවහොත් මෙම සීමාවන් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, නත්තල් සමයේ තවත් සීමාවන් ක්‍රියාත්මක කරනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විශ්වාස කරයි.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා  පැවසුවේ ක්‍රිස්තියානි ජනගහනයක් බහුතරයක් වන වත්තල මිගමුව කොළඹ වැනි ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස උත්සව සමයේදී වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට සීමාවන් පනවනු ඇතැයි ඔහු පැවසීය.කෝවිඩ් සීමාවන් නිසා අපේ‍්‍රල් අලුත් අවුරුද්ද නිවෙස්වල සැමරූ බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ නිවසේදී නත්තල් උත්සවය සැමරීම සඳහා මිනිසුන්ට සීමාවන් පැනවීමට ඉඩ ඇති බවයි.

පල්ලිවලට නත්තල් සේවා පැවැත්වීමට අවසර දී ඇති අවස්ථාවකදී, කණ්ඩායම්වලට සහභාගී වීමෙන් වළකින ලෙසත්, එක් පවුලකට එක් අයෙකු සේවයට සහභාගි වන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

උත්සව සමය සඳහා පැවැත්වෙන සැණකෙළි හා වෙළඳපොලවල් සඳහා විශාල ජනකායක් පොදු ස්ථානවලට පැමිණීම වැළැක්වීම සඳහා සීමාවන් පනවනු ඇති බව බාලසුරිය මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.