වෛශ්නවි වෙල්රාජ්
කොවිඩ් රෝගියෙකු හඳුනා ගැනීමෙන් පසුව නාවලපිටියේ පාසලක ගුරුවරු ඇතුළු සිසුන් 15 කට වැඩි පිරිසක් නිරෝධායනය කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය Colombo gazette වෙත පැවසුවේ පාසලේ 12 ශ්‍රේණියේ සිසුවියකට මෙම වෛරසය වැළඳී ඇති බවයි.
මෙම දැරියට ඊයේ (10) සිදුකරනලද PCR පරීක්ෂණයකින් පසු ඇයට කොවිඩ් වැළදි ඇති බවට තහවුරු වි ඇත.
නාවලපිටිය වෙළඳපොළේ වෙළෙන්දෙකු වන ඇයගේ පියාගෙන් ඇය වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.
දැරියට කොවිඩ් වැළදි ඇති බවට හඳුනා ගැනීමෙන් පසු පාසලේ ගුරුවරුන් සිව්දෙනෙකු සහ සිසුන් 16 දෙනෙකු නිරෝධායනය කර ඇති බව බාලසුරිය මහතා පැවසීය.