මෙරටින් රැකියා සඳහා පිටත්ව ගිය පිරිසක් සහ සිසුන් පිරිසක් මලයාසියාවේ සිට ආපසු මෙරටට ගෙන්වා ඇත.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව මැලේසියාවේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ආපසු ගෙන්වා ගන්නා ලදී.
COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නැවත ශ්‍රී ලංකාවට යාමට කැමැත්ත පළ කර තිබේ.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ දෙසැම්බර් 9 වන දින ශ්‍රී ලංකා ගුවන් සේවය යූඑල් 315 යානයෙන් ආපසු ගෙන්වු බවය.
මෙම කණ්ඩායම ශ්‍රී ලාංකිකයින් 272 දෙනෙකුගෙන් සමන්විත වූ අතර අතරමං වූ කම්කරුවන් 149 ක්, සිසුන් 64 ක් සහ සංචාරය කිරිම සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු මෙම පිරිස අතර සිටියි.
මෙම කටයුත්ත සඳහා සහයෝගය දැක්වීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය, රාජකීය මැලේසියානු පොලිසියට සහ මැලේසියාවේ ආගමන දෙපාර්තමේන්තුව වෙත මහ කොමසාරිස් කාර්යාලය සිය කෘතඥතාව පළ කළේය.