මුජිබර් ජාතිවාදය අවුස්සන බවට ආණ්ඩුවෙන් චෝදනාවක්

අශන්ති වරුනසුරිය

කොවිඩ් 19 මරණ වාර්තාව මෙතෙක් තාක්ෂණ කමිටුව කවුද යන්න පාර්ලිමේන්තුව දැනුවත් කර නැති බවත් මෙතෙක් සිදුවූ මරණ වලින් අසුගනනක් මුස්ලිම් ප්‍රජාවගේ බවත් ඔවුන්ගේ විරෝධතාවය දුරදිග යමින් ඔවුන් මරණ භාර නොගන්නා තැනට උඩු දුවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

කොවිඩ් මුස්ලිම් ප්‍රජාවේ මරණ කිසිවකු භාර නොගැනීම ප්‍රශ්ණයක් වුවත් රජය මෙම කාරණය මග හරින බවත් ඉන්දියාව, තායිලන්තය මෙන්ම ලෝකයේ මුස්ලිම් ජනතාව සුළුතරයක්ව සිටින අනෙක් රටවලත් භුමි දානයට අවසර ලබා දී තිබියදී මෙරට මුස්ලිම් ප්‍රජාව වෙනුවෙනුත් එය කල හැකිව තිබියදී මුස්ලිම් ප්‍රජාවගේ අයිතිය රජය පහර ගැනීමක් බවද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම මෙසේ කරන්නේ මුස්ලිම් ජනතාව ආණ්ඩුව විසින් මඟ අරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අයවැය විවාදය අවසන් දවස පාර්ලිමේන්තුවේදී අමතමින් මහතා වැඩි දුරටත් පැවසිය .

මුජිබර් මන්ත්‍රී මහතාගේ මේ ප්‍රකාශය ජාතිවාදී මතභේදයට තුඩු දෙන කරුණක් බව ආණ්ඩුව විසින් විරෝධතා මතු කළේය. මෙය ජාතිභේදයට තුඩුදෙන කරුණක් නොවන බවත් මෙය තනිකර මුස්ලිම් ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම ගැන කතාවක් බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් එල්ලවුණු විරෝධතාවන්ට පිළිතුරු ලබා දෙමින් පැවසුවේය.එමෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් භූමි දනයට ඉඩ දෙද්දී ලංකාවේ මඟ හරින්නේ ඇයි යනුවෙන් අවසන් ද ප්‍රශ්න කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.