කොළඹ නිවාස සංකීර්ණ හුදකලා කිරිම්  ඉවත් කිරීමට බලධාරීන්ගේ අවධානය

 

වර්තමාන තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු කොළඹ නිවාස සංකීර්ණ කිහිපයකට පැනවූ හුදකලා කිරිම්  ඉවත් කිරීමට බලධාරීන් සලකා බලනු ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ වන විට පොලිස් බල ප්‍රදේශ නවයක් සහ ග්‍රාම සේවා වසම්  25 ක් හුදෙකලා කර  ඇති බවයි.

ඔක්තෝම්බර් මාසයේදී මිනුවන්ගොඩ දෙවන කොවිඩ් රැල්ලෙන් වෛරසය ව්‍යාප්ත විමෙන් කොළඹ-උතුරු හා මධ්‍යම ප්‍රදේශවල නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා කිරිමට කටයුතු කළේය.

කොළඹ හුදකලා වූ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් සඳහා අඛණ්ඩව ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ  සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන් බොහෝ දුරට හුදකලා කිරීමේ රෙගුලාසි පිළිපදින බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හුදකලා කිරීමේ සීමාවන් සමාලෝචනය කිරීමට සහ ලිහිල් කිරීමට බලධාරීන්ට උපකාර කිරීම සඳහා එය දිගටම කරගෙන යන ලෙස ඔහු එම නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

කොළඹ  දෙමටගොඩ සහ මාලිගාතැන්න යන ප්‍රදේශවල නිවාස සංකීර්ණ කිහිපයක පදිංචිකරුවන්ගේ  ගමන් බිමන් පසුගිය නොවැම්බර් 08 සිට සීමා කර ඇත.කොළඹ මහනගරසභා සීමාව තුළ පිහිටි නිවාස යෝජනා ක්‍රමවලින් රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා  වී ඇති අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිවාස සංකීර්ණ හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ අද උදෑසන 06 ට අවසන් වූ පැය 24 තුළ කොළඹ රෝගීන් 304 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සොයාගෙන ඇත්තේ බොරැල්ලෙන්  බවයි.

ඔක්තෝම්බර් 04 සිට මේ දක්වා කොළඹ කොවිඩ් රෝගීන් 13, 265 ක් වාර්තා වී ඇති බව මධ්‍යස්ථානය පවසයි.කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ඉහළ යාමත්, වැඩි පිරිසක් ආසාදනය වීමත් සමඟ කොළඹ තත්ත්වය බරපතල බවද කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය  අනතුරු ඇඟවීය.

මේ අතර, කොළඹ මහ නගර සභාසීමාව තුළ  කොවිඩ් පැතිරීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සිය කනස්සල්ල පළ කර ඇති අතර නුදුරු අනාගතයේ දී එම තත්වය යහපත් අතට හැරෙනු ඇතැයි  විශ්වාස කරන බවද ප්‍රකාශ කර තිබේ.

මේ වන විට වෛරසය පැතිරීම අඩුවී ඇති බව  වසංගත රෝග විද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය  සුදත් සමරවිර සඳහන් කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.