නෙදර්ලන්ත හිමි නමගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරිම සඳහා උන්වහන්සේගේ දේහයෙන් සාම්පල ලබාගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පරීක්ෂණාගාර පරීක්ෂණ සඳහා ශරීරයෙන් සාම්පල ලබා ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වන බවද ඔහු පැවසීය.
මෙම නෙදර්ලන්ත භික්ෂුව දොඩන්දුව පොල්ගස්දුව වන ආරාමයයේ වැඩවිසුව අතර අතර උන්වහන්සේගේ සිරුර අඟහරුවාදා රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී හමුවිය.
පොලිසිය සඳහන් කළේ කකුල් ලණු වලින් බැඳ ඇති සිරුර හමුවී ඇති බවයි.උන්වහන්සේ 2011 වසරේදි මෙරටට වැඩම කර ඇති අතර භික්ෂුව අතුරුදහන් වී ඇති බවට වාර්තා වීමෙන් පසු කළ සොයාබැලිමේදි උන්වහන්සේගේ දේහය කලපුවේ තිබී සොයා ගන්නා ලදී.