කොරෝනා මෘතදේහ භූමිදානයට ඇති හැකියාව සොයා බලන හමුවක්

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා මා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

එම දේහ භූමිදානය සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියළි භූමියක් තෝරා ගන්නා ලෙස මම මෙහිදී උපදෙස් දී ඇත .කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයෙකුගේ දේහය තුළ එම වෛරසය දින 36ක් පමණ පවතින බව සොයා ගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු එහි දී ප්‍රකාශ කළහ.

සෞඛ්‍යට බලපාන කරුණු අරබයා ජාති හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව අවධාරණය කළ මම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජන කොටස්වල සහයෝගය අවශ්‍ය බව පෙන්වා දුනිමි. ඒ සඳහා සහය ලබා දෙන්නැයි මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා ඇත.

මෙම අවස්ථාවට අමාත්‍ය අලි සබ්රි, ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්. මුණසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.