ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය ලබන 26 වැනිදා සැලසුම් කළ පරිදි පැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් එකඟ වි ඇත.
තරඟ දෙකකින් සමන්විත මෙම තරඟාවලියේ තරඟ සෙන්චුරියන් සහ ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණවල පැවැත්විමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ සෞඛ්‍ය විශේෂඥයෙක් ඉතා ඉක්මනින් දකුණු අප්‍රිකාවට ගොස් කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ එහි තත්ත්වය සොයා බැලීමට කටයුතු කරන බවය.