මෙරට බන්ධනාගාරවල අඩුපාඩුකම් සඳහා විසඳුම් දිමට අදාළ බලධාරීන් විසින් කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශ පැවසුවේ අද දින ජනාධිපතිවරයා විසින් මේ සඳහා කාර්ය සාධක බලකායක් පත් කරන ලද බවයි.
සිරකරුවන් මුහුණ දෙන මානුෂීය අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කිරීම, එවැනි ගැටළු විසඳීම සහ මේ සඳහා අවශ්‍ය සහය ලබා දීම මෙන්ම විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් වැරදිකරුවන් වූ සිරකරුවන් 12,000 කට ආසන්න පිරිසකට පුනරුත්ථාපන වැඩසටහනක් හඳුන්වා දීම පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සොයා බලනු ඇත.
පවත්නා බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ඉදිකිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අධිකරණ වෛද්‍ය, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තු ප්‍රමාද වීම හේතුවෙන් සිරකරුවන් විශාල පිරිසක් රිමාන්ඩ් භාරයේ පසුවන බව ඔහු සඳහන් කළේය.
රටේ බන්ධනාගාර සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයා සහ විවිධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණ ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.