විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ වත්මන් සාමාජිකයෙකු වන අතර ඔහු ආරක්ෂිත රටක් සහ විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම දරයි.
ඒ් අනුව නොවැම්බර් මාසයේ (22) අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජගත් අල්විස් මහතා ඉදිරියේදි වැඩභාර ගැනිමට නියමිතය .