ධම්මිකගේ කොරෝනා පැණිය ගන්න පළමු සහ දෙවන රැල්ලේ ආශ්‍රිතයනුත් පැමිණිලා

ඉන්දික ශ්‍රී අරවින්ද

කොරෝනා වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය ලබා ගැනීමට කොවිඩ් පළමු සහ දෙවැනි රැල්ලේ ආශ්‍රිතයින් මෙන්ම නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින්ද පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේ ඇතැම් පිරිස් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර තම නිවෙස්වල නිරෝධානය වෙමින් සිටින අතරතුර මෙම ඖෂධය ලබා ගැනීමට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙන බවයි.

මෙම පැණිය ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින කොළඹ ඇතුළු ප්‍රදේශවල සිට පැමිණ ඇති බවත් ඇතැම් පිරිස් ධම්මික මහතාගේ නිවෙස ආසන්නයේ නිවෙස් පවා කුලියට ලබාගෙන තාවකාලිකව පදිංචි වී සිට ඇති බවටත් වාර්තා වෙයි. එම අවස්ථාවට යම් කිසි විදිහකින් කොවිඩ් ආසාදිතයකු පැමිණ සිටියේ නම් යළිත් කොවිඩ් “පැණි පොකුරක්”ඇතිවීමේ අවධානමක් මතුවීමේ බොහෝ ඉඩකඩ වැඩි බව ඔහු පවසයි.

සාමාන්‍යයෙන් කොවිඩ් රෝග ලක්ෂණ මතු වීම දින 7-10ත් අතර කාලයක් යන බවත් මෙම ඖෂධ පැණිය ලබා ගැනීමට පැමිණි පිරිස් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට තම සංගමයේ සාමාජිකයින් දැනුවත් කර ඇතැයි බාලසුරිය මහතා ප්‍රකාශ කළේ. මෙම ඖෂධය ලබා ගැනීමට පැමිණි පිරිස් නිරෝධායන නීතියට පටහැනිවක්‍රියා කරමින්,දුරස්ථභාවය නොමැතිව සහ මුඛ ආවරණ නොමැතිව හැසිරුණු ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක.
ධමික බණ්ඩාර මහතාගේ නිවෙසට පැමිණි පිරිස් පිළිබඳව කිසිම තොරතුරක් නොමැති වීම නිසා එයද ගැටළු සහගත තත්වයක් මතු වී ඇත.

මෙහිදී කොවිඩ් මර්දනය සඳහා බටහිර සහ ආයුර්වේද ඇතුළු ඕනෑම ඖෂදයක් හඳුන්වා දීම සඳහා තම සංගමය පුර්ණ සහයෝගය ලබා දෙන අතර එය ක්‍රමානුකුල ජනතාවට ලබා දීමයි මෙහිදී වැදගත් වන්නේයැයි මහන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා වැඩිදුරටත් පැවසිය. එදින ධම්මික බණ්ඩාර මහතාගෙන් එම ඖෂධය ලබා ගැනීම සඳහා 15,000කට ආසන්න පැමිණ ඇති බව වාර්තා වන අතර එම පිරිස අතර ආරක්ෂක අංශයේ පිරිස්ද සිටි බව පැවසෙයි.

පැමිණ සිටි පිරිස් පාලනය සඳහා පොලිස් නිළධාරීන් 120ක පමණක් යෙදවීමට කටයුතු කර ඇත.  මේ අතර එම ස්ථානයට පැමිණි පිරිස් සම්බන්දයෙන් ප්‍රදේශය බාර පොලිස් නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ වසංගත තත්වයක් ප්‍රකාශ කර ඇති තිබියදී කුමන හෝ කරුණක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවයි.

ඖෂධ බෙදා දීමේ වැඩපිළිවෙළ ගැන දැනුවත් වීමෙන් පසු එහි රාජකාරියට පොලිස් නිළධාරින් යෙදූවද බලාපොරොත්තු වූවාට වඩා විශාල පිරිසක් එකවර පැමිණි නිසා පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවු බවද ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.