ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සම සළකා බැලීමෙන් පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි සදහන් කරමින් අභියචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) ඉවත්වී ඇත.
හිජාස් හිස්බුල්ලා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතීඥවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇත.
ඒ අනුව පෙත්සම සළකා බැලීම ලබන 14 වනදා දක්වා කල් දැමීය.