පාර්ලිමේන්තු ට්විටර් ගිණුම ක්‍රියාත්මක කරන නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අද ඉල්ලීමක් කළේය.
කෝප් රැස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ට්විටර් ගිණුම ඊයේ ජනතාව නොමඟ යවන සුළු ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු කියා සිටියේ එම ටවිටර් පණිවිඩය ඇතැම් මාධ්‍ය විසින් ලබාගෙන සත්‍ය තොරතුරු ලෙස වාර්තා කළ බවයි.ඒ අනුව ට්විටර් ගිණුම ක්‍රියාත්මක කරන අයට එරෙහිව පියවර ගන්නා ලෙස ප්‍රනාන්දු ඉල්ලා සිටියේය.
කථානායකවරයාගේ හෝ පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම ක්‍රියාත්මක කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ට්වීටර් පණිවිඩය නිකුත් කිරීමට පෙර එය අනුමත කළ යුතු බවත්, නොමඟ යවන ට්වීට්ර් පණිවිඩ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.මෙම ට්වීටර් පණිවිඩය නිකුත් කර ඇත්තේ ඇතැම් මාධ්‍ය ආයතනවල සහාය ඇතිව බවද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර චෝදනා කළේය.
ජනතාව නොමඟ යවනසුළු මෙම ට්වීටර් පනිවිඩය වැරදීමක් නොවන බවත් එය නොව හොඳින් සැලසුම් කළ එකක් බවත් ඔහු පැවසීය.