බලහත්කාරයෙන් කොවිඩ් රෝගින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පාර්ලිමේන්තුවේදී මේ කාරණය මතු කළ අතර එය ශ්‍රී ලංකාවේ ආතතීන් මතු කළ හැකි බවට අනතුරු ඇඟවීය.
තම ආදරණීයන් සඳහා නිසි සුසාන භූමියක් සහතික කිරීමට නොහැකි වනු ඇතැයි යන බියෙන් කොරොන වයිරස් රෝගීන් පිළිබඳව දැනුම් නොදිමටද ඥාතින් කටයුතු කරුනු ඇතැයිද ඔහු පැවසීය.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉස්ලාම් ආගමිකයින් පුළුස්සා දැමීම දඬුවමක් ලෙස සලකන බැවින් මෙම සිරුරු භූමදානය සඳහා ඉඩ නොදීමට ගත් තීරණය බලධාරීන් නැවත සලකා බැලිය යුතු බවයි.
ගෝලීය මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව ඔහු සඳහන් කළේය.
බලහත්කාරයෙන් ආදාහනය කිරීම බරපතල ගැටළුවක් බවද ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් (එස්එල්එම්සී) නායක රාවුෆ් හකීම් අනතුරු ඇඟවීය.
කොළඹ මහ නගර සභාව ඊයේ (සීඑම්සී) ඥාතින් භාරනොගන්නා සිරුරු ආදාහනය කිරීම ආරම්භ කළේය.මළ සිරුරු බොහොමයක් මුස්ලිම්වරුන් වන අතර පවුලේ සාමාජිකයන් එම සිරුරු භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා භූමදාන කිරීමද බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.
කොවිඩ් වයිරසයට ගොදුරු වූවන්ගේ මළ සිරුරු ආදාහනය කළ හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබුණි.
නිරෝධායන රෙගුලාසි අනුව මෘත දේහ ආදාහනය කළ හැකි බව නීතිපතිවරයා විසින් සෞඛ්‍ය අධ්යක්ෂ අසේල ගුණවර්ධන මහතාට පවසා තිබේ.