වෛශ්නවී වෙල්රාජ්
කොවිඩ් රෝගින් විශාල පිරිසක් හඳුනා ගැනීම හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් වැලිගම ග්‍රාම සේවා වසමේ ප්‍රදේශ පහකට සංචරණ සීමා පනවා ඇත.
වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රම අප කල විමසීමකදි ප්‍රකාශ කළේ ගල්බොක්ක ප්‍රදේශයේ පුද්ගලයෙක් කොළඹ පෞද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා දින කිහිපයකට පසු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අඟහරුවාදා (08) ගල්බොක්ක ප්‍රදේශයේ අහඹු ලෙස පි.සි.ආර් පරීක්ෂණ සිදු කර ඇත.
ඊයේ (09) ලැබුණු ප්‍රතිපල වලට අනුව පුද්ගලයින් 18 දෙනෙකු වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සෞඛ්‍ය බලධාරීන් විසින් වැලිගම ප්‍රදේශයේ ගල්බොක්ක අලූත් වීදිය හෙට්ටි වීදිය කෝට්ටේගොඩ සහ කොහුන්ගමුව ග්‍රාම සේවා වසම්වල ගමන් කිරීම සීමා කර ඇත.
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තාව කෝවිඩ් කාර්ය සාධක බලකායට භාර දී ඇති බව වැගිලම නගර සභාවේ සභාපතිවරයා පැවසීය.ආරක්ෂක පියවරක් ලෙස ප්‍රදේශ පහ හුදකලා කළ යුතුද නැද්ද යන්න පිළිබඳ කෝවිඩ් කාර්ය සාධක බලකායේ අවසාන තීරණය බලාපොරොත්තුවෙන් සිටින බව රෙහාන් ජයවික්රම් පැවසීය.