විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. එමෙන්ම විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන් තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා පවත්වා ඇත.
නව ක්‍රමවේදය අනුව විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් යලි නිවසට ගොස් දින 14ක් නිරෝධායනය වීමේ ක්‍රමවේදය මේ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
ඉදිරි සති කිහිපයේදී ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ජා සිදුකළ බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.
මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී මුහුණදෙන ප්‍රමාදය මග හරවා ගැනීම සඳහා ද ගුවන් තොටුපොළ බලධාරීන් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ජා පවත්වා ඇත.