මෙරට කොවිඩ් සමස්ත ආසාදිතයින් 30,000 පනියි

ඊයේ (09) දිනය තුළ මෙරටින් ආසාදිතයින් 697ක් හඳුනාගනු ලැබීය. එයින් ආසාදිතයින් තිදෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,074ක් වන අතර එයින් පුද්ගලයින් 21,‍799ක් පූර්ණ සුවය ලබා තිබේ.

මේ අතර රෝහල්ගත රෝගීන් ගණන 8,131ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඊයේ දිනය තුළ මෙරට පීසීආර් පරීක්ෂණ 14,336ක් සිදුකර තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඒ ආසාදිතයින් 357ක් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 219ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද හඳුනා ගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් ගණනක් මට්ටක්කුලියෙන් වාර්තා වී තිබේ. ඒ 128කි. මේ අතර බොරැල්ලෙන් 110ක් හා කොල්ලුපිටියෙන් ආසාදිතයින් 25ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් මහරින් වාර්තා වී ඇත. මාබෝල ප්‍රදේශයෙන් 47ක්, කටුනායක 54ක් හා වේයන්ගොඩින් ආසාදිතයින් 17ක් ද වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද වන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 26,512ක් ලෙස වාර්තා වන අතර, ඉන් ආසාදිතයින් 18,392ක් පූර්ණ සුවය ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.