ඉන්දික ශ්‍රී අරවින්ද
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මෘත දේහයන් නිරෝධායන නීතිට අනුව ආදාහනය කරන ලෙසට නීතිපති සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
මේ වනවිට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ (JMO) මෘතශරීරාගාරයේ මුස්ලිම් ජාතික මළසිරුරු 20ක සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
මෙම මළ සිරුරු සියල්ළෙම ඥාතීන් හා භාරකරුවන් සිටින අතර මේ අවස්ථාවේදී ඔවුන් ඉදිරිපත් නොවීම නිසා තවදුරටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෘතශරීරාගාරයේ තබා ගැනීමට සිදුව තිබුණි.
මෙම මෘත දේහයන් අන්තවාදී සංවිධානයක් විසින් කර ඇති බලපෑමකට අනුව එම මෘත දේහයන් භාරගැනීමට ඥාතීන් හා භාරකරුවන් ප්‍රතික්ෂේප කර තිබු බව වාර්තා වෙයි.
මෙලෙස කොවිඩ් ආසාදනය වී මියගිය සියලුදෙනාම කොළඹ නගර සිමාවේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
මෙම මළ සිරුරු ආදාහනය කිරීමට නීතිමය බලයක් රජයට නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය දා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබුණි.
අද(09) දින නීතිපතිවරයාගේ උපදෙස් මත එම මෘත දේහයන් ආදාහනය කිරීම මේ වනවිට ආරම්භ කල බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.