තමා ජනපති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පළමු දින 100 තුළ අමෙරිකානු ජනතාව වෙනුවෙන් මිලියන 100ක කොවිඩ් එන්නත් ලබා දෙන බවටද ඔහු පොරෙන්දු වි තිබේ.
ජනපති ධුරය භාර ගත් සැනින් කොවිඩ් වසංගතය රටින් තුරන් නොහැකි වුවත් Covid-19 වෛරසය පාලනය කිරීමට පියවර ගන්නා බවද බයිඩ්න් සඳහන් කරයි.
සිය සෞඛ්‍ය ලේකම් ධුරයට කැලිෆෝනියාවේ නීතිපති සේවියර් බෙකරා සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවල ප්‍රධානියා ලෙස රොචෙල් වැලෙන්ස්කි නිර්දේශ කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනක් අතරතුර ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජෝ බයිඩ්න් මේ බව පවසා ඇත.