ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා සාමාජිකයින් 1700 කට වැඩි පිරිසක් ඉහළ නිලයට උසස් කර තිබේ.
මෙම උසස් වීම් ලද නාවික හමුදා සාමාජිකයින් අතරට නිලධාරීන 66 දෙනෙකු ද අයත් වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය. නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව අද (09) සිට ලබන 13 වනදා දක්වා ගාලු මුවදොර පිටිය ඉදිරිපිට මුහුදු තීරයේදී නෞකා දැක්මක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව උසස් වීම් ලද සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 1795ක් වේ. “සිලෝන් රෝයල් නේවි“ නමින් 1950 වසරේ දෙසැම්බර් මස 9 වන දා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට පිහිටුවනු ලැබීය.
30 වසරක් පුරා පැවති යුද්ධයේදී නාවික හමුදාව සයුර ආරක්ෂා කර ගැනීම සඳහාත්, සයුරින් මෙරටට එල්ල වන තර්ජන මැඩ පැවැත්වීම සඳහාත් විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබු නාවික හමුදාව, මේ වන විට ගොඩබිම රාජකාරී කටයුතු සඳහා ද සක්‍රීය දායකත්වයක් සපයනු ලබයි.