කොළඹ දෛනික ආසාදිතයින් වැඩිවෙයි

ඊයේ (08) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් 526ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

නිරෝධායන මධ්‍යස්ථාන 62ක් තුළ පුද්ගලයින් 6,594ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,182ක් සිදුකර තිබේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ. මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 25,818ක් දක්වා ඉහළ ගොස් ඇත. එයින් පුද්ගලයින් 17,850ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 29,377ක් වන අතර ඉන් පුද්ගලයින් 21,257ක් පූර්ණ සුවය ලබා ඇත. මේ වන විට කොවිඩ් ආසාදිතයින් 7,978ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.