ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති තුන්වැනි විස්සයි විස්ස තරඟය ලකුණු 12කින් ඔස්ට්‍රේලියාව ජය ගත්තේය.
සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 186ක් රැස් කළේය.
මැතිව් වේඩ් පන්දු 53කදී ලකුණූ 80ක් ලබා ගැනිමට සමත්විය. ඊට හතරේ පහර 7ක් සහ 6 පහර දෙකක් ඇතුළත් වුණි..
ග්ලේන් මැක්වෙල් ලකුණු 54ක් රැස් කල අතර ස්ටීවන් ස්මිත් ලකුණූ 24යි.පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස්කළේය.
හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග පන්දු 61 දි නායක විරාත් කෝලි ලකුණු 85යි.
පන්දු යැවීමෙන් මිචෙල් ස්වෙප්සන් ලකුණු 25කට කඩුලු 3ක් දවාගත්තේය.
තරඟ 3කින් සමන්විත තරඟාවලිය 2-1ක් ලෙස තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත් විය.


