බ්‍රිතාන්‍ය කොව්ඩ් එන්නත ලබා දීම අද ආරම්භ කළේය
එම එන්නත මාග්‍රට් කීනන් නමැති 90 වැනි වියේ පසුවන කාන්තාවකට ලබා දුන්නේය.
එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසයට එරෙහි එන්නත ලබා ගත් ලොව පළමු පුද්ගලයා වීම තමාට මහත් සතුටක් වරප්‍රසාදයක් යැයි හැඟෙන බව ඇය පවසා ඇත. පවුලේ උදවිය සහ මිතුරන් සමග නව වසරේ කාලය ගත කිරීම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි බැවින් එය තම 91 වැනි උපන්දිනයට පෙර ලද හොඳම තෑග්ග බවද ඇය පවසා තිබේ
තවද අවුරුදු 90ක් තරම් වයසක පසු වන තමා එන්නත ලබා ගත්තේ නම්, අන් අයට ද එය එතරම් දෙයක් නොවන බව ඇය පවසා ඇත්තේ, එන්නත ලබා ගැනීමට අන් අය දිරි ගන්වමිනි.
අමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ , කෙරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයි