තවත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

වෛශනී වෙල්රාජ්

ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වේ. මෙලෙස පිරිසක් ඒකරාශී වීම වෛරසය තවත් පැතිරීමට බලවත් රුකුලක් විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවා තිබේ.

එමෙන්ම මෙලෙස මහජනයා රැස්වීම් 2020 ඔක්තෝම්බර් මාසයේදී ගැසට් කරන ලද COVID-19 වැළැක්වීමේ රෙගුලාසි උල්ලංගනය කිරීමක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය කොළඹ ගැසට් පත්‍රයට පැවසීය.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් පැමිණ ඇති ද සෙනග පොරකෑමෙන් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී ඇති බවද වාර්තා වේ. ආසාදිත පුද්ගලයෙක් සමූහයා අතර සිටී නම්, සමාජ දුරස්ථභාවය නොමැතිවීම හේතුවෙන් රෝගියාගෙන් විශාල පිරිසකට පහසුවෙන් වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි බව බාලසූරිය පෙන්වා දුන්නේය.

එමෙන්ම නිරෝගී පුද්ගලයෙකුට අනවශ්‍ය ලෙස ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ඔහු පැහැදිලි කළේය. මෙම හේතු නිසා මහා පරිමාණ සම්ප්‍රේෂණයකට තුඩු දිය හැකි අතර රට තුළ තවත් COVID-19 රැල්ලක් පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බව පීඑච්අයි සංගමයේ ලේකම් අනතුරු ඇඟවීය.

අදාල ස්ථානයේ ඇතිව තිබෙන තදබදය පාලනය කිරීම සඳහා පොලිසියේ 120ක් යොදවා ඇත. වෛරසය සුව කරන බව කියමින් ආයුර්වේද ඖශධ සාම්පල නොමිලේ බෙදාදීම මෙලෙස සිදු විය. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ යන ප්‍රදේශවල වෛරස් පොකුරු අනාවරණය වීමෙන් පසුව මහජන රැස්වීම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර ඇති අතර එමඟින් වර්තමානයේ රට තුළ සැලකිය යුතු ලෙස වෛරසය පැතිරීම වැලකිණි.

ආයුර්වේද වෛද්‍ය ධම්මික බන්ඩාර විසින් නිර්මාණය කරන ලද දේශීය සම්මේලනය මෑතකදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරාචි සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් විසින් ද රස බැලූ අතර එහි කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.