ඉන්දික ශ්‍රී අරවින්ද
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස පෙනී සිටි සහරාන් පිටුපස සිටින අදිසි හස්තය පිළිබඳව සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන්ට පොරොන්දු වී ඇත.
අමාත්‍යවරයා ලෙස වැඩ භාර භාර ගැනීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් හමු වූ අවස්ථාවේදී මේ පිළිබඳව පවසා තිබුණි.
මෙහිදී පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණ පිළිබඳවත්, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අගරදගුරු හිමියන් දැනුවත් කර ඇත.
එසේම ළමා අපචාර සම්බන්ධයෙන් දැඩි දඬුවම් දිය යුතු බවට අගරදගුරු හිමියන් විසින් අමාත්‍යවරයාට පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන්ද ක්‍රියා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවට අමාත්‍යවරය අගරදගුරු හිමියන්ට පොරොන්දු වෙන ලදී.