ඉන්දික ශ්‍රී අරවින්ද
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් 19 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් වහාම එම දේහයන් ඉවත් කරගන්නා ලෙසට අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලය (JMO) අද (08) කොළඹ මහ නගර සභාවේ නාගරික කොසරිස්වරිය වෙත දැනුම් දී තිබේ.
මෙලෙස ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු මෘත දේහයන් තවදුරටත් අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලය (JMO) තුළ තබා ගැනීම් හේතුවෙන් අර්බුදයක් මතු වී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
එබැවින් මෙම මෘත දේහයන් නගර සභා වියදමින් හෝ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙසයි අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලය (JMO) විසින් කොළඹ නාගරික කොමසාරිස්වරිය වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත.
මෙම මළ සිරුරු ආදාහනය කිරීමට නීතිමය බලයක් රජයට නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්
පසුගිය දා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබුණි. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ මෙම මෘත ශරීර ආදාහනය කිරීම සඳහා එම මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෝ භාරකරුවන් ලිඛිත අවසරයක් ලබා නොදීම නිසා මේ වනවිට ගැටළුවක් මතු වී ඇති බවයි.
මෙම දේහයන් රජයේ වියදමින් ආදාහනය කිරීමට හැකියාව පැවතුනත් ඒ පිළිබඳව එම ඥාතීන් හෝ භාරකරුවන් නිශ්චිත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කරුණු දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටීමට සිදු බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.