ඉන්දික ශ්‍රී අරවින්ද
චීන භාෂාවෙන් ගල්කිස්ස දුම්රිය ස්ථානයේ තබා ඇති දැන්වීම් පුවරුවක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
දැන්වීම් පුවරුව ඉංග්‍රීසි සහ මැන්ඩරින් (චීන) භාෂාවෙන් දුර ගමන් වාර දක්වා ඇත. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු කොළඹ ගැසට් පත්‍රයට පැවසුවේ දැන්වීම් පුවරුවේ රූපයක් සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරය දුටු බවත් ඔහු සාමාන්‍යාධිකාරී වීමට පෙර මෙම දැන්වීම් පුවරුව සවි කර ඇති බවත්ය.
මෙය සවි කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය. එවැනි අවශ්‍යතාවයක් ඇත්නම් මෙය ඉවත් කිරීමට ද පියවර ගන්නා බව ප්‍රනාන්දු මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා පමණක් අඩංගු නාම පුවරු ප්‍රදර්ශනය කිරීම සඳහා රට තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනවලට අවශ්‍ය නව නීති යෝජනා කිරීම පිළිබඳව සලකා බලන බව නිල භාෂා කොමිසම පසුගියදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමහර චීන ආයතන මැන්ඩරින් භාෂාවෙන් නාම පුවරු ප්‍රදර්ශනය කර ඇති බවත් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන වගන්තිය උල්ලංගනය කිරීමක් බවත් කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ ශිවප්රගෂාන් මදිවානන් කොළඹ ගැසට් පත්‍රයට පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, සියලු සංවිධාන සිංහල හා දෙමළ ජාතික භාෂාවන්ට ප්‍රමුඛත්වය දෙන නාම පුවරු ප්‍රදර්ශනය කළ යුතු අතර ඉන් පසුව විකල්ප භාෂාවක් ලෙස සැලකෙන්නේ ඉංග්‍රීසිය.