දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බව රජය අවධාරනය කරයි

ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන් නොමැති බව රජය අද තරයේ කියා සිටියේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමතමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවයි.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල අත්අඩංගුවට ගත් පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අතර දේශපාලන සිරකරුවන් ලෙස සැලකිය නොහැකි බව ද ශ්‍රී ලංකාවේ සිරකරුවන් වරදකරුවන් කරනු ලබන්නේ ඔවුන් කළ අපරාධ පදනම් කරගෙන මිස ඔවුන්ගේ ජාතිය පදනම් කරගෙන නොවන බවදඔහු පැවසීය.

දඩුවම් කාලය අඩු කිරීම හෝ ඇතැම් සිරකරුවන් නිදහස් කිරීමේ රජයේ සැලැස්මට උතුරු හා නැගෙනහිර දේශපාලන සිරකරුවන් ඇතුළත් වේද යන්න පිළිබඳව වාර්තාකරුවෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ගම්මන්පිල ප්‍රකාශ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සපයන ලද වාර්තා පදනම් කරගෙන වසර හතරකට වරක් සිරකරුවන්ගේ දඩුවම් සමාලෝචනය කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන් බවය.

මෙම වැඩසටහන යටතේ සිරකරුවන්ගේ දඩුවම් අඩු කිරීම හෝ ඔවුන් නිදහස් කිරීම සමාලෝචන කරන නමුත් මෙම වැඩසටහන හිටපු රජය විසින් අත්හිටුවා ඇති අතර, එහි ප්‍රථිපලයක් ලෙස එය නැවත හඳුන්වා දීමට වත්මන් රජය තීරණය කර තිබේ. මෙරට මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ රැඳවියන්ට මෙය අදාළ නොවන බවද ඔහු පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.