පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා වනතෙක් වසා දැමිමට තින්දු කර ඇත.
පාසල් යලි ආරම්භ කරණ දිනය මෙම සිකුරාදා තිරණය කිරිමට නියමිතව ඇත.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් මෙම පාසල් සදුදා සිට දින තුනක් වසා දැමිමට මිට පෙර තින්දු කළේය. ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා විවෘත කිරිමට නියමිතව තිබුනද පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු තව දින දෙකක් පාසල් වසා දැමිමට තින්දු කර ඇත.
ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 06ක් සදහා සිමාසහිත සංචරණ සිමා පැනවිමට සෞඛ්‍ය අංශ මගින් නිර්දේශකොට ඇත.