බන්ධනාගාර ගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන අමාත්යමහතා අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී පැවසීය.
වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව හෙතෙම කීවේය. අධිකරණ අමාත්‍ය අලි සබ්ර්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනි දා පාර්ලිමේන්තු සංකිර්ණයේ දි කාරක සභාව රැස්විය.
මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව, COVID තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද ප්‍රකාශ කළේය.
සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බවත් අමාත්‍යවරයා කීවේය. සිව් අවුරුදු සමාව ලබාදීම වසර 40 ක් තුළ ක්‍රියාත්මක වී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.
සුළු ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ඇප මුදල් අමාත්‍යාංශය මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කාරක සභාවේ දී පැවසුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500 ක් පමණ බන්ධනාගරගතව සිටින බවත් ඉන් 8500 ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූවන් බවත්ය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරකරුවන් රඳවා තබා ගැනීමට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහි දී පෙන්වා දුන්නේය. බොහෝ අවස්ථාවලදී වරදකරුවන් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ අය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, රැඳවියන් 100 කගේ පමණ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කර ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කීවේය. ඉන් 29 ක් පමණක් කොවිඩ් 19 ධනාත්මක බවත්, ඉතිරි අයගේ PCR වාර්තා ලැබීමෙන් පසු මුදා හරිනු හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කීවේය.