කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8 කින් ජය ගත්තේය.
ඊයේ පස්වරුවේ පැවති තරඟයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 171 ක් රැස් කිරිමට සමත් විය.
ඩැනියෙල් බෙල්-ඩ්රමන්ඩ් ලකුණු 44 ක් රැස් කළේය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 35 ක් රැස් කළ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් රැස් කළේ ලකුණු 11 ක් පමණි.පන්දු යැවීමේදී මොහොමඩ් අමීර් ලකුණු 26 ට කඩුලු 5 ක් ලබාගත් අතර ලක්ෂාන් සඳකැන් ලකුණු 33 කට කඩුළු 3ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයගැනිමට සමත් විය.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 ක් රැස් කළ අතර අර්ධ ශතකයක් වාර්තා කළ අහසාන් අලී ලකුණු 56 යි.නායක භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 37 ක් සහ අසාම් ඛාන් නොදැවී ලකුණු 35 ක් රැස් කළේය.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ වාර්තා කළ පළමු ජයග්රහණය මෙය වේ.