අශන්ති වරුනසුරිය
මහනුවර, ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප කල විමසීමට පිළිතුරු දෙමින් පැවසුවේ මේ පිළිබද සොයා බැලීමට GSMB විශේෂඥ කණ්ඩායමක් පිටත් කර ඇති බවය. ඔවුන් විසින් සිදු කරන මූලික පරීක්ෂන වලින් අනතුරුව අදාළ වාර්තාවක් තමන්ට ලැබීමට නියමිත බවත් මේ සම්බන්දව ගනු ලබන තිරණ හෙට දින ප්‍රකාශයට පත් කරන බවද ඔහු පැවසීය.
මහනුවර, ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවන භූ කම්පන සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකට දැන් පත්ව ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශය ද පවසා ඇත. එහි ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ද පවසා ඇත්තේ දිගින් දිගටම සිදුවන භූ කම්පනවලට සැබෑ හේතුව කුමක්දැයි සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවය.
ඉකුත් නොවැම්බර් මස 18 වනදාද මහනුවර ප්‍රදේශයේ භූ කම්පනයක් ඇති විය. එමෙන්ම ඊයේ දිනයේ හට ගත් කම්පන වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇත.