සිකුරාදා (04) රාත්‍රියේ පානදුර මොරටුව පාරේ එගෝඩා උයන ප්‍රදේශයේදී යතුරුපැදි අනතුරකට ලක්වූ ගැබිණි කාන්තාවගේ දරුවා ගබ්සා වී තිබේ.
මෙම කාන්තාව මේ වන විට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ යතුරුපැදියක් ගැබිනි මවක් සහ ඇයගේ දරුවන් දෙදෙනා අනතුරට පත්කිරීම හේතුවෙන් දියණියන් දෙදෙනා මියගොස් තිබුණි. යතුරුපැදියේ ගමන් කළ 20 හැවිරිදි යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබේ. අනතුරුදායක ලෙස අධික වේගයෙන් ඊයේ (06) රාත්‍රි කාලයේ යතුරුපැදි ධාවනය කළ පිරිසක් මිරිහාන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
ඊයේ රාත්‍රීයේ කිඹුලාවල හන්දියේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාර දක්වා ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට මිරිහාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබුණි. එහිදී යතුරුපැදි 24ක් සමග පුද්ගලයින් 24 දෙනෙකු පොලිස් භාරයට ගැණුනි.
අදාළ යතුරුපැදිවලින් මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු තත්ත්වයේ නියමිත ලියකියවිළි සහිත යතුරුපැදි මුදාහැරීමටත් නීතිවිරෝධී යතුරුපැදි සඳහා නඩු පැවරීමටත් නියමිතය.මේ අතර විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් සොයා දිවයින පුරා අද (07) සිට මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ, ගම්පහ සහ තදාසන්න නගර තුළ රාත්‍රී කාලයේ තරුණයින් විසින් මෙලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට තොරතුරු රැසක් ලැබී ඇති බවය.