ඔස්ට්‍රේලියාවෙ සමග පැවති පන්දුවාර 20යි 20 තරඟාවලියේ ජය හිමිකර ගැනිමට ඉන්දියාව සමත් විය.
සිඩ්නිහි ඊයේ පැවති දෙවැනි තරගයද කඩුලු 6කින් ඉන්දියාව ජය ගත්තේය.
තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීයට නායක විරාත් කෝලි පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.ඒ අනුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 194කි.
මෙහිදි මැතිව් වේඩ් 20 යි 20 පිටියේ දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 58ක් ලබා ගත් අතර ස්ටීවන් ස්මිත් ලකුණු 46 කට දැවී ගියේය.
පන්දු යැවීමේදී ටී. නටරාජන් ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳ දැමීමට සමත් විය.
ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දිය ක්‍රීඩකයින් පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියද තරගය ජයගත්තේය.
නායක විරාත් කෝලි ලකුණු 40ක් රැස් කළේය.
හර්දික් පාන්ඩ්යා පන්දු 22කදී නොදැවී ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය.
හර්දික් පාන්ඩ්යා අවසන් පන්දුවාරයේදී සුපිරි 6 පහර දෙකක් එල්ල කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.