ප්‍රජාවන් අතර විවිධත්වයේ විචිත්‍රත්වය කැමරා ඇසින්

රටක ජාතීන් හා ප්‍රජාවන් අතර පවතින විවිධත්වය විචිත්‍රය. වර්ණවත්ය. එක් එක්ජ නවර්ග හා ප්‍රජාවන් තුළ පවතින ආගමික, භාෂාමය, සමාජීය සහ සංස්කෘතිකමය වෙනස්කම් හේතුවෙන් කිසිවෙක් උසස් වන්නේ හෝ පහත්කොට සැලකීමට හේතුවක් වන්නේ නැත. විවිධත්වය සමාජයකට මෙන්ම රටකට ශක්තියකි. මේ පිළිබඳ සාමූහිකව අධ්‍යනය කර අනනෝන්‍ය අවබෝධයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමින් තරුණ ප්‍රජාව අතර ප්‍රබල සමාජ කතිකාවක්ඇ ති කිරීමේ පරමාර්ථයෙන් මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානය  (Center for Media & Information Literacy)  ඉතා නිර්මාණශීලී වැඩ සටහනක් දියත් කිරීමට ඉකුත්දා කටයුතු කරන ලදී.

Capture Diversity & Promote Unity  යන නමින් හඳුන්වන මෙම වැඩසටහන අංග කිහිපයකින් සමන්විත විය. ප්‍රථමයෙන් රට පුරා විසිර සිටින විවිධ ජාතීන්ට හා ආගම්වලට අයත් තරුණ තරුණියන් සමඟින් විවිධත්වය,  බහු සංස්කෘතිය මෙන්ම එම විවිධත්වයන්ට ගෞරවනීය ලෙස ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල්ව සාකච්ඡාවට ලක් විය. එක් ජන වර්ගයක් තවත් ජන වර්ගයකින්වෙ නස් කරන කාරණාවන් වන භාෂාව, සංස්කෘතිය, ආගම, සමේ වර්ණය වැනි කරුනු නිර්මාණශීලිව රටක උන්නතියට දායක කර ගන්නේ කෙසේද යන්නද මෙහිදී ගැඹුරින් සාකච්ඡාවට ලක් විය. 

පසුව තෝරා ගත් දිස්ත්‍රික්කවලින් විවිධ ජාතීන්ට අයත් කාන්තා මාධ්‍යවේදිනියන්අ ට දෙනෙකු දායක කරගනිමින් මොබයිල් වීඩියෝකරණය හරහා ප්‍රජාවන්ගේ විවිධත්වය විදහා දැක්වෙන පරිදි කතන්දර නිර්මාණකරණය පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. 

මෙහිදී විවිධ ජාතීන් පිළිබඳ පමණක් නොව වෘතිය, කලාව, ජීවත් වන ප්‍රදේශය, සහ වෙනස් කොට සැලකීමට ලක් වීම වැනි කරුණු අරභයාද විවිධත්වයක් උසුලන ප්‍රජාවන් පිළිබඳවද පුළුල්ව සාකච්ඡාවට ලක් විය. විෂය ප්‍රවීණයන්ගේ දැනුම ලබා දෙමින් පැවති මෙම වැමුළුවේදී කාන්තා මාධ්‍යවේදිනියන් හට වස්තු විෂයයන් සහ කතාන්දරයේ දැක්ම තෝරා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක්ද සිදු කෙරිණ.

මේ සඳහා දායකත්වය ලබා දුන් කාන්තා මාධ්‍යවේදිනියන් රටේ විවිධ දිස්ත්‍රික්කවලින් පැමිණි සිංහල, දමිල, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, හින්දු වැනි විවිධ ජාතීන් හා ආගම් නියෝජනය කරන කාන්තා මාධ්‍යවේදීනියන් වූහ.  ඒ නිසාම ඔවුන් නියෝජනය කරන ප්‍රජාවන්, ජාති, ආගම්, හා ප්‍රදේශයන්ටම සුවිශේෂ වූ අනන්‍යතා පිළිඹිඹු වන අයුරින් තමන් විසින්ම ගවේෂණය කර සොයා ගන්නා කතාන්දර නිර්මාණය කිරීමට මෙහිදී ඔවුන් දිරිමත් කෙරිණි. 

ඒ අනුව යාපනය, මොණරාගල, මඩකලපුව, බදුල්ල සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක පහක වෙසෙන විවිධ ජන කණ්ඩායම් පාදක කර ගනිමින් විවිධත්වය හා බහු සංස්කෘතියේ විචිත්‍රත්වය විදහා දැක්වෙන කලාත්මක වීඩියෝ නිර්මාණ 11ක් මේ වන විට එළි දක්වා ඇත. කතාන්දර කීම ප්‍රකාශන මාධ්‍ය කර ගත් මෙම ව්‍යාපෘතිය සඳහා ඇතැම් ආන්තික ප්‍රජාවන්වල සංස්කෘතික ලක්ෂණ, ජන කණ්ඩායම්වල ආගමික වත් පිළිවෙත්, සහ දෛනික ජීවන චර්යාවන් කැමරා ඇසට ග්‍රහණය කරගෙන ඇති අතර එය සාමය ගොඩනැඟීමේ නව මාවතක්ලෙ සින් අර්ථවත් වී ඇත. 

තනිව පවුලක බර දරන මව්වරුන්ගේ ජීවිත, වනාන්තරයන් මැද දිවි ගෙවන කරදියන්කුලම ගම්මානයේ ජන ජීවිතයේ සුවිශේෂත්වයන්, යාපනය ප්‍රදේශයේ කලාව වර්ණවත් කරන පාරම්පරික පරෙයි බෙර වාදන ශිල්පීන්, වතුකරයේ ජන ජීවිත, මැටි කර්මාන්තයේ නියැලෙන ප්‍රජාවගේ ජීවිත, සංඥා බසින් සන්නිවේදනය කරන ප්‍රජාවගේ ජීවන රටාව, සිංහල දමිල විවාහයන්ගේ සොඳුරු බව, මං මාවත්පි රිසිදු කරන්නන්ගේ ජීවිත මෙන්ම සංක්‍රාන්ති සමාජ භාවී ප්‍රජාව වැනි යම්ආ න්තීකරණයකට ලක් වූ ප්‍රජාවන් වැනි බහුලව කලා නිර්මාණවලට හසු නොවන දුර්ලභ විෂයයන් අලලා මෙම කතාන්දර නිර්මාණය වී ඇත. 

මේ වන විට සමාජ මාධ්‍ය හරහා විකාශය වන එම නිර්මාණයන්ට පුළුල්ධ නාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ලැබෙමින් පවතින අතර ඒ හරහා මෙම ප්‍රජාවන්පි ළිබඳ සමාජය තුළ පෙරට වඩා ගෞරවනීය දැක්මක් නිර්මාණය වීමටද ඉවහල් වී ඇත. මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානය  (CMIL)  යනු මෙරට ජනයා අතර පුවත් පරිභෝජනයේදී අත්‍යවශ්‍ය වන මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව ඉහළ නැංවීම මෙන්ම ඩිජිටල් මාධ්‍ය භාවිතයේ නව ප්‍රවණතා ප්‍රවර්ධනය කරමින් සාවද්‍ය පුවත් ප්‍රචාරණයට එරෙහිව නැගී සිටින ලාභ නොලබන සංවිධානයකි. 

එම මාධ්‍යවේදිනියන් නිර්මාණය කළ වීඩියෝ කතාන්දර නැරඹීමට මෙතනින් පිවිසෙන්න: https://rb.gy/bzskic

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.