මාවැල්ල ධීවර පවුල්වලට වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක්

ෂැම්පෝ, ජෙල් සහ හිසේ ගල්වන ඩයි ආදිය අඩංගු ෂැෂේ ඇසුරුම් නිෂ්පාදනය, අලෙවිය ලබන වසරේ (2021) ජනවාරි පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ෂැම්පෝ, ජේල් අඩංගු ෂැෂේ පැකට් තහනම සඳහා මාස හයක සහන කාලයක් ලබා දෙන්නේ ඒ සඳහා රුපියල් මිලියන 25ක් හෝ ඊට වැඩි මුදලක් ලබාදීමට කැමති බැව් එක්තරා පුද්ගලික සමාගමක් පවසා ඇතැයි පැවසේ. මේ සම්බන්දයෙන් සහ පාරිසරික කාලින ප්‍රශ්ණ කිහිපයක් සම්බන්දයෙන් අමාත්‍යවරයා දැක්වූ අදහක් කිහිපයකි මේ.

ඔබට මෙවන් මුදල් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා ද ?
මෙහෙමයි.. ඉල්ලීම් යෝජනා මොනවා ආවත්, රුපියල් බිලියන 25ක් නෙමෙයි බිලියන ට්‍රිලියන දෙනවා කිවුවත් රජය ගත් තීරණයේ වෙනසක් කරන්නේ නැහැ.

මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ?
ෂැෂේ පැකට් භාවිතය තහනම් කිරීමට තීරණය කළේ ෂැම්පු, ජෙල් භාවිතය නතර කිරීමට නෙමෙයි ඒවා බහාලන ෂැෂේ ඇසුරුම් නිසා පරිසරයට සිදුවන හානිය නතර කරන්න. ඒ අනුව ලබන වසර (2021) මැදදී ඖෂධ, ආහාර ද්‍රව්‍ය, කිරිපිටි ඇසුරුම් කරන ෂැෂේ පැකට් තහනම් කිරීමටද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ප්‍රතිචක්‍රීකරණය ගැන නව සැලසුම් මොනවද ?

පරිසර අමාත්‍යාංශය විසින් ඉවතලන කාබන් පෑන් හා දත්බුරුසු ආරක්ෂිතව ප්‍රතිචක්‍රීකරණයට සුදුසු බහාලුමක් හදුන්වා දී තිබේ. දිනකට අප රටේ පාසල් පද්ධතිය තුල බැහැරවන කාබන් පෑන් ගණන කිලෝග්‍රෑම් 80ක් පමණ තියෙනවා. මෙවා මෙතෙක් කලක් අවධානයට යොමු නොවූ බරපතල පාරිසරික ගැටලු. නීතියක් නොව විනයක් තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ආරම්භ කරලා ඒ හරහා මෙම බහාලුම් සියලුම පාසල්වලට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තියෙනවා.

පරිසරය හා සම්බන්ධ ගැටළු වල දී වන සංරක්ෂණ, වන ජීවී, වෙරළ සංරක්ෂණ, මහවැලි, වාරිමාර්ග, යන ආයතන ද සම්බන්ද කරගෙන අදහස් විමසීම් කරලා යෝජනා ක්‍රියාත්මක කරන්න වැඩ පිළිවෙලක් සකසමින් ඉන්නවා. සිදුවන පරිසර හානි රැසකුත් පසුගියදා පැවැත්වූ පරිසර කටයුතු පිළිබඳව අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ දී හෙළිවුණා. ඉදිරි දින කිහිපයක් තුළ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස සියලුම නිලධාරීන් වෙත උපදෙස් ලබ දීලා තියෙන්නේ.

මහනුවර දිගටම භූ කම්පන සිදු වෙනවා ?

මේ පිළිබද සොයා බැලීමට GSMB විශේෂඥ කණ්ඩායමක් පිටත් කරලා තියෙන්නේ. ඔවුන් විසින් සිදු කරන මූලික පරීක්ෂන වලින් අනතුරුව හෙට දින අදාළ වාර්තාවක් ලැබීමට නියමිතයි. මේ සම්බන්දව ගනු ලබන තිරණ හෙට දින ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මාවැල්ල වෙරළ සංවර්ධනය කරන්න අද ආරම්භ වුණාට එයට සමහර ආයෝජකයෝ අකමැතියි ?

තංගල්ල රැකව ධීවර නැංගුරම්පොළ සහ මාවැල්ල ධීවර නැංගුරම්පොළ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ. යෝජිත නැංගුරම්පොළ තුළ මීටර් 260 කින් යුතු ප්‍රධාන දියකඩනය, අක්වෙරළ දියකඩන දෙකක් හා නාවුක ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇළක් ද ඉදි කිරීමට නියමිතයි.

පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350 ක් සඳහා පහසුකම් සපයා දීම වගේම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබාදීම තුළින් ධීවර කාර්මිකයාට මෙන්ම, පවුල්වල පිරිස් සඳහා වඩා සුරක්ෂිත වෘත්තීය මට්ටමක් සැලසෙනවා. බහුදින ධීවර යාත්‍රා සඳහා ද ධීවර කටයුතු වල නියැළීමට අවශ්‍ය පහසුකම් සපයා දීලා තියෙනවා. යෝජිත මාවැල්ල ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම තුළින් 1500 ක පමණ පිරිසකට ජීවනෝපාය සැලසෙනවා. ධීවර ප්‍රජාවගේ ධීවර කටයුතු වඩා ඵලදායී වෙනවා ඉතිං මේවට අකමැති වෙන්නේ මොකටද ?

ඔබ බඩ ඉරිගු බෙදුව එක කතාවට ලක් වුණා නේද ?
ඒක මගේ විෂයට අදාල නැහැ. Covid – 19 ගෝලීය අර්බුදයේදී ලෝක ආහාර නිෂ්පාදනය පහත වැටෙන්න පුලුවන් නිසා අප රටේ ඉඩම් වල වගා කටයුතු සිදු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවට වගේම ඒ සඳහා සෑම අමාත්‍යාංශයක්ම තම විෂය පථයට අදාල නැතත්, තමන්ට හැකි පරිදි පියවර ගත යුතු බව ජනාධිපතිතුමන් විසින් උපදෙස් දුන්නා. ඒකත් එක්ක ගත් පියවරක්. පසුගිය මාසේ හම්බන්තොට අක්කර 200ක් වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිඟු බීජ ගොවීන් වෙත නොමිලේ ලබාදීම සිදුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.