ගාල්ල, යාපනය, කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටා ඇති පාසල් 26ක් හෙට (07) සිට දින 3ක් වසාදැමීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම පාසල් හෙට (07) දින සිට වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පවසයි. දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තිරණය ගෙන ඇති අතර ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් විවෘත කරණ දිනය සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකොට පසුව දැනුම් දෙන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

එමෙන්ම ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල මෙකි ප්‍රජාවගේ කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණ ලැබෙන තෙක් සිමා සහිත සංචරණ සිමා පනවා ඇත.

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම පාසල් හෙට දිනයේ (07) වසා දැමීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.