ප්‍රතිදේහ පරීක්ෂණය නිසි ලෙස නොවුණොත් කොරෝනා වැඩි විය හැකියි

වෛරස් ගනත්වය ඉතා වැඩි බැවින් රෝගය බෝ කිරීමේ විශාලතම හැකියාවක් තියන අයව පමණක් හදුනා ගන්න ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ, තැන තැන්වල අවිද්දවලා හදුනා ගැනීමේ වැරදි ක්‍රියාවලිය මඟින් තවත් වෛරසය බෝ වන බවත් ඒ ක්‍රමය අමාත්‍යාංශය මාර්ගෝපදේශ වලට පවා එකග නැති වුණත්, රෝහල් වල වෙනදේ පාළණය කරන්න අමාත්‍යාංශයටත් නොහැකිවී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වුයේ මෙසේය. රෝහලක වාට්ටු තුල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කරන්න ඉඩ හැරලා, සමහර අධ්‍යක්ෂක වරු විශාල වරදක් කරනවා. එහෙම කරන්නේ ඒ වෙණුවෙන් වෙනම වැඩ පිළිවෙලක් හදා ගන්න බැරි අලස, අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්. ඒ රෝහල්වල පරීක්ෂණය කරණකොට රෝගියා බොහෝ තැන්වල සැරිසරලා රෝගය බෝ කරලා ඉවරයි. 50%ක්වත් නිවැරදි නැති, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයෙන් ප්‍රතිඵල ගැනීමට, රෝගියා රෝහලට ඇතුළුවන තැනදීම පරීක්ෂාවට ලක් කල යුතුයි.

වෛරස් ගනත්වය ඉතා වැඩි, රෝගය බෝ කිරීමේ විශාලතම හැකියාවක් තියන අයව පමණක් හදුනා ගන්න ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ, තැන තැන්වල අවිද්දවලා හදුනා ගැනීම වැරදි ක්‍රියාවක්. ඒ ක්‍රමය අමාත්‍යාංශය මාර්ගෝපදේශ වලට පවා එකග නැති වුණත්, රෝහල් වල වෙනදේ පාළණය කරන්න අමාත්‍යාංශයටත් බැරිවෙලා තියනවා.

අපි ඉල්ලන්නේ රෝහලේ රෝගීන් ඇතුළුවන ස්ථානයට යාබදව හෝ කොවිඩ් ලක්ෂණ තියන රෝගීන් ඇතුළු කරගන්න වෙනම ස්ථානයක් වෙන් කරලා ඒ ස්ථානය යාබවදව මේ පරීක්ෂණය කරන්න පහසුකම් සලසන්න කියලයි. එහෙම නැතුව තැන්වල මේක කරන එක බොරු මුදල නාස්තියක් සහ ආරක්ෂාව පිළිබද ව්‍යාජ මානසික තත්වයක් හදා ගැනීමක් විතරයි. ලෝක වසංගත තත්වයකදී කලබල ඇතිවීම සාමන්‍ය තත්වයක්. ඊට මුහුණ දීමට සෞඛ්‍ය සේවාවට සැලසුම් තිබිය යුතුයි”

වැලිකඩ රැදවියන් අතර කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදු වන බැවින් PCR පරීක්ෂණ වලින් පමණක් ඊට මුහුණදීම ප්‍රායෝගික නැති බැවින් ප්‍රතිදේහ ජනක පරීක්ෂණ නවතා දැමීම වැරදි තීන්දුවක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

ඒ අනුව එහි ප්‍රතිඵලය දැනට ආසාදනය නොමැති රැදවියන් අසාධිතයින් බවට පත් වන තුරු බලා සිටීමක් බවට පත් විය හැකි බවද පවසමින් එහි සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ බන්ධනාගාරයේ ආසාධිතයින්ගේ තත්වය හා ප්‍රමාණය සැලකීමේදී, රෝගීන් හදුනා ගැනීමේ ක්ෂණික ක්‍රියාවලිය වේගවත් කිරීම හා සියළු රැදවියන් පරීක්ෂා කිරීම ඇත්‍යාවශ්‍යයි. ඒ සදහා සුදුසුම විකලපය ලෙස අපට භාවිත කල හැකිව තිබෙන්නේ ජංගම රසායනාගාර – ක්ෂණික ප්‍රතිදේහ ක්‍රමය පමණයි. දින කිහිපයක් ඇතුලත එය සිදු කර අවසන් කල නොහැකිනම්, සියල්ලන් ආසාධිතයින් සේ සලකා කටයුතු කිරීම දක්වා තත්වය දරුණු විය හැකියි. සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් නොතකා හිරකරුවන් බන්ධනාගාර අතර මාරු කීරීම සිදුකර ඇති බවට ඇති චෝදනා බැහැර කල නොහැකියි. ක්ෂයරෝගය, ඒඩ්ස් සහ මානසික ආභාධ සහිත සිර කරුවන් පිළිබද මීට වඩා අවධානය යොමු කල යුතුයි.යනුවෙන්ද ඔවුන් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.