අමාත්‍යාංශ ලේකම්වරුන් 04ක් සහ තානාපතිවරයෙකුගේ පත්වීම් සඳහා අනුමැතිය

අමාත්‍යාංශ ලේකම්වරුන් 04 දෙනෙකු සහ තානාපති නිලධාරිවරයෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී අනුමැතිය හිමි වූ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද වෙයි.

ඔහුට අමතරව ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස අචාර්‍ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතාටත් , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහාචාර්‍ය කපිල පෙරේරා මහතාටත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.එම්.පි.කේ මායාදුන්නේ මහතාටත් අනුමැතිය හිමි වූ බව මහලේකම්වරයා පැවසීය.

එමෙන්ම කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.මොහොමඩ් මහතා පත්කිරීමට ද , කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම රැස්වීමට චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද, උදය ගම්මන්පිල, විදුර වික්‍රමනායක , සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ යන ගරු අමාත්‍යවරු සහ අනුර ප්‍රියදර්ශන යාපා , ජෝන් සෙනෙවිරත්න යන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.