භාරකරුවන් නොමැති මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු මෝචරියේ ගොඩ ගැසෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මෘත දේහයන් සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.

මෙම මළ සිරුරු සියල්ළෙම ඥාතීන් හා භාරකරුවන් සිටින අතර මේ අවස්ථාවේදී ඔවුන් ඉදිරිපත් නොවීම නිසා තවදුරටත් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ මෘතශරීරාගාරයේ තබා ගැනීමට සිදුව තිබේ.  මෙම මෘත දේහයන් සියල්ලම මුස්ලිම් ජාතිකයින්ගේ වන අතර අන්තවාදී සංවිධානයක් විසින් කර ඇති බලපෑමකට අනුව එම මෘත දේහයන් භාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත.

එහෙත් පසුගිය(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් -19 ආසාදිතව මියගිය අයගේ මෘත ශරීර රජයේ වියදමින් ආදාහනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවයි.

එහෙත් එසේ කිරීමට නොහැකි වී ඇත්තේ මෙම මියගිය පුද්ගලයින් රෝහල්ගත වීමේදී පවුලේ ඥාතීන් හෝ භාරකරුවෙකු   ඉදිරිපත් වී සිටීම ඔවුන්ගේ ලිඛිත අවසරයක් නොමැති වීමයි. මේ මියගිය අයගේ ඥාතීන් හා භාරකරුවන් අඩු ආදායම්ලාභියෙකු බවට ග්‍රාමසේවක හරහා ආදායම තහවුරු කරගැනීම අනිවාර්ය විය යුතුය.

මේ මියගිය සියලුදෙනාම කොළඹ නගර සිමාවේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සියලුම දෙනා යහමින් මුදල් හිමි අය වීම විශේෂත්වයකි. මෙම මළ සිරුරු ආදාහනය කිරීමට නීතිමය බලයක් රජයට නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය දා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා තිබුණි.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ මෙම මෘත ශරීර ආදාහනය කිරීම සඳහා එම මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෝ භාරකරුවන් ලිඛිත අවසරයක් ලබා නොදීම නිසා මේ වනවිට ගැටළුවක් මතු වී ඇති බවයි.

මෙම දේහයන් රජයේ වියදමින් ආදාහනය කිරීමට හැකියාව පැවතුනත් ඒ පිළිබඳව එම ඥාතීන් හෝ භාරකරුවන් නිශ්චිත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කරුණු දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටීමට සිදු බව වෛද්‍ය හේමන්ත හේරත් මහතාපවසනු ලැබිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.